Monday, December 27, 2010

,

මල්හි මල්හී තුඩග ලා සුපහසින වත මල තැවිල්ලේ
නිල්හි නිල්හී අරා සුදිලී සිසි පහස පා දැවිල්ලේ
කල්හි කල්හී එසඳ අවරේ දිනමිණේ රුව සුදිල්ලේ
පුල්හි විල්හී කොමල පා කමලඟන ලෙද ඈ රැඟිල්ලේ

,

නේක සූ සැට බරණ බැහැරූ සුපුල් තුනුවිල මන්කලා
නේන වග යලි පෙම්සියොත් කැල දතත් පෙම්විල මන්නඳා
දැන් දැන්ම ඒ නිකුත් යනු කෙලෙසින්ද පද මැද වෙමි මුලා
මත් බිඟුන් කලිඳුන්ද මැද ඈ මයුර තෙද ලන්නී නොලා

.

කුසුම් හී පත ඇනී ඈ ලයකේලි හව් මෙන් සරැලි ලන සඳ
තුංග තෙද බල රාජ මැති සඳ මේ ලෙසින ඈ නෙතු වසන සඳ
බින්ඳ හිරිඔතපින් ඇගේ රූ සිරි සුරම් වත පරව යන සඳ
කිම්ද මේ කුණු අතිර කය වග නින්ද නොලබා සිතයි මැති සඳ

Thursday, December 16, 2010

.

ලුත් කුරහන් ඉස
ඉපල් ඉගිලෙන පුරන් හේනක
තවානක් කොට මිස
කිරිවැදෙන රඟ බලම් කෙලෙසක

මිරිකෙමින් පුරපස
කෝල විලිබර නැවුම් අහසක
සිනාසෙන ලසඳක
කඳුළු ආවට දකිම් කෙලෙසක

දුම්රිය

දුම්රිය(1)
++++++++
තුන්වන වේදිකාවට
ඒමට නියමිත
කලින් නොදන්වා
දෙවැන්නේ නවතන

දුම්රිය(2)
+++++++++
නියමිත වේලාවට
පැයක් ප්‍රමාද
සුපුරුදු නැවතුම්
කිසිවක නොනවත්වන

දුම්රිය (3)
++++++++++
වෙලවට වැඩ
නමුත්
අතරමඟ
නැවතුම් කිසිත් නැත

(බසයේ යමි!)

.

ඉරි ගසා වෙන් කරමි
අප අතර සීමාව
ඒ මතෙහි අතුරවමි
රේඛාව කලු තා

මලගමක පෙරහුරුව
මතකයට දී ලොවට
එන්න අපි ඇවිද යමු
නොපාගා ඒ පාර

Wednesday, December 15, 2010

කවි - සිවි

සබන් පෙණ බුබුලු ය
මා ලියන මේ කවි
සිඟිත්තා ඔබම ය
බිඳ හෙලන එහි සිවි