කවි තියා හැම කොන
පොඩි ඉටි පහන් දලවමි
සීතල සිමෙන්තිය මත
කිරිබත් තසිම තබනෙමි
කටදන කට්ට සම්බල
සූ සූ ග ගා කන හැටි
බලා තේ ජෝගුවකට
හාදු එක දෙක ගිල්වමි
නිවා සඳ පහනේ වැටි
මුදු තණ බිමෙහි වැතිරෙමි
සිහිනය සරුව දැනෙනට
අහසට රහස කියනෙමි
මුදුව පිරි මැද කෙහෙරැළි
හාදු තිලකය තබනෙමි
මතක ගීයක ලෙසටම
සුවඳ රඳවා ඔබෙන් සැඟවෙමි
No comments:
Post a Comment