Saturday, March 26, 2011
-අමාවක-
තරු ඇවිත් ගිය පාරේ
පිලිස්සුණු අඩි තිබුණා
විලිස්සාගෙන උල් දත්
සඳෙන් බැස හිස කසනු පෙනුණා
මී වද
මොකට බැන්දා ද
හද මැද
මී වද
විටින් විට
යන එන
උන්ටත් මටත් නැති
පැණි වදය අනුනට දෙන
Wednesday, February 9, 2011
-දහ අට සන්නි කම් වරුණ-
දඹදිව් තල සව්සිරි පිරි
ලිච්ඡවි රජ පදවිය නිසි
සංඛපාල නම් රජ තෙම
...
නිරිඳෙකි එහි දන හද වැසි
සංඛපාල රජ මෙහෙසිය
පුත් කුමරකු වදනා දිසි
හද දොළදුක් විලස උපන
මියුරඹ පල බුදිනා රිසි
රුතියෙන් රජ බල විමසන
ගුණ බල පිරි අප රජ තෙම
මෙහෙසිය දොළ මඩිනා මෙන
මියුරඹ පළ ගෙන්වා දෙන
එවන් ම දොළදුක් වළඳන
රජවාසල දාස කතකි
බිසවට මෙන මියුරඹ පල
වළඳන දොළ හද කැළැඹෙති
මෙහෙසිය ඇය හද නාඳුන
රහසින් අඹ පල වළඳන
ඒ පලයට බඳිනා දොස
කෝපය වෛරයට හැරෙන
රජතෙම වෙත එලඹෙන්නී
කේලම් බස් බනවන්නී
නිරිඳුන් නොමදත් රහසක්
රස බසකින් තෙපලන්නී
මෙහෙසිය කුස වැද හෝනා
කලලය රජ ලෙය නොවනා
මහමැතිතෙම හා බැඳි පෙම
දරු කලලය ලෙස පේනා
නොසොයා එහි ඇත්ත නැත්ත
නොතෙමිද රජ හද කැනැත්ත
මෙහෙසිය ලය මතෙහි කැත්ත
පහර හෙලූ අරුම සත්ත
ගැබ්බර මෙහෙසිය සෝබර
බැල්මක් හෙලමින් පෙම්බර
රාජ තේජ තෙද බල බර
හිමි සඳ නෙතු රුදුරු දහර
විඳ විඳ කඳුලැල් ගංගා
නෙතඟට හස රැල් නංගා
අවසන් සුසුමක හංගා
පතිවත අහසට නැංගා
කැබැල්ල කඳ මත රූබර
මෙහෙසිය දේහය බන්දා
දෙපලු කරන්නට ඇ ගත
අණ කෙරුවා නරනින්දා
මල මෙහෙසි සිරුරට වැදෙන්නේ
ගැබෙහි මස් රස ගෙන බුදින්නේ
මහ සොහොන් යකු ලෙස වැඩෙන්නේ
වෛරි හදවත ගෙන වඩින්නේ
දහ අටක පිරිවරක් කැන්දා
විසාලා පුරවරට නින්දා
දෝස රෝබිය නිතින රන්දා
සොහොන් යකු එයි සන්නි බන්දා
දසත පතුරා සන්නි රෝ දොස
නොමිනිස්කම් පතුරුවන්නේ
දොරින් දොර මළබෙර හඬින් පිරි
අහේතුව දසතම මවන්නේ
කොර ද නාග ද ගොලු බීරි තව
මරු අමුක්කු ද නෙක සන්නි රුව
නසන මෙන් රජ පර පුරේ පව
කලෝ දහ අට සන්නි කම් තව
දසත කෙත්වතු පල බරව තව
අටු කොටද සරු සාර වෙන්ටයි
ලිච්ඡවී රජ පරපුරේ පව
දුරැර සැමදන සුව ය දෙන්ටයි
සන්නි දහ අට නේක රෝදොස
සත වෙතින් අතු ගා දමන්ටයි
ලියා තබනෙමි නේක පද මම
නිරෝගී දීඝායු වෙන්ටයි!!!
...ගෙම්බා....
දුක හිතෙනවා ඇත්ද
කොයි තරම් නම්
ගෙම්බෙක්ට
මූණ දැක්කාම
නිල් ම දිය පිරි පොකුණක
ඕලු මානෙල් මල්
ඔච්චමට හිනැහෙන
ඉස්ගෙඩි අතීතය
දඬු මුගුරු ගෙන
එලවන් එන
Tuesday, January 25, 2011
**ප්‍රීතිමත් ම රැකියාව**
පුරපති කතාවේ
සෝදුපත් කියවන්නා
මම....
සියල්ලන්ට පෙර
වෙන්ට යන දෙය
තතු දැන විමසන;
ජනතා ඔල්වරසනට පෙර
පළමු
හද ඔල්වරසන
පුදන;
("අව" ට නෑකම් ඇති මුත්)
ප්‍රීතිමත්;
"පුර"පතිගේ කතාවේ
සෝදුපත් කියවන්නා
මම....:)
Tuesday, January 18, 2011
ගුරුපාරේ කව...
නුවරුන්සුව පිණිස
විස දුම් දූලි විඳිනා
දිව රෑ වෙනස නැතිවම
මඟ කියනවද සුහදා
උදේ පිණි මත්තෙන්
කන්තෝරුවට දුවනා
ඇතුල නොපෙනෙන සීත රත දැක
වීද ගම්දොර මතක මැකෙනා
හැඩවැඩ සොයා ඔබගේ
මතක නගරෙට ඇදුණා
ගිය මඟ දිගට හද සොව
කළු තාර මල් ලෙසට පිපුණා
පහුගිය ටිකදොහක සිට
ඉහත්තාවට වැස්සා
ගලා ආ බොර වතුරින්
ගුරුව මතු වී පෙණුනා
බොරලු පළු ගැලවී ගොස්
වල ගොඩැලි තව හැදුණා
පුරුද්දන්නට නොහැකි විලසින්
ඇලේ පොඩි ඒදණ්ඩ කැඩුණා
දිලි දිලි විදිලි මනරම්
රැළි නැඟි සයුරු සිතුවම්
ගම තව තවත් දුර නම්
රම්‍ය නගරය සුව සදයි නම්
වටරවුම් හතරේ
හිත දුර දුවන අතරේ
ඔබ ප්‍රේම නගරේ
වල දමන් මතකයත් සොඳුරේ....
නිහතමානී ගොයම
.
රන්මාල ගෙල රුවට
අත්තිකාරම් බඳින
වසා ඇසි පිය සෙමින්
.
හීනියට ඉඟි මරණ
නිහතමානී ගොයම
සීරුවට ඉඟ නැවුණ
පීදෙන්ට ළඟ ළඟම
වසන්තය දැක දැකම
අකල් හීගතු හුළඟ
විකල් කරවා දසත
පෝරු මස්තක නැකත
කඩාකප්පල් කළ ද
ලැජ්ජාව ගෙන නෙතට
සිහින් කඳුළක් ලෙසට
සලා සලා යලිත් වැඩ
පටන් ගෙන ඇත ගොයම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)