Monday, April 25, 2011

...............


නොවෙනස්ව
එකදු තිතකුදු

ඇඳිය හැකි නම්

ඒ කඩ ඉම ම

මෙතැනත්


වෙන් වී නොවී

වෙන්වී

සිටිය හැක


පුරුද්දෙන් ලද පරිචය

මැනව පිහිටා ඇත

මට

.


උයන මැද
බුළු ගස් පෝලිම


පළවැන්න
;
ලපටිය

නූස්

රතුම රතුපාටින්

ලැජ්ජා බරව!


දෙවෙනි
,තෙවෙනි;
පැරණි වසන්තය හුරුයෙන්

ලා රතට

ලැජ්ජා ඉතා අඩුව!

.



ඔබ බරට
පය තැබූ තැන් වල

කහ නෙරෙංචිත් පිපෙනවා


කටුව කිම මට

නටුව පිරිමැද

කඳුළු පිණි එහි තබනවා

-අවුරුදු සිහිනය-




කවි තියා හැම කොන
පොඩි ඉටි පහන් දලවමි
සීතල සිමෙන්තිය මත
කිරිබත් තසිම තබනෙමි

කටදන කට්ට සම්බල
සූ සූ ග ගා කන හැටි
බලා තේ ජෝගුවකට
හාදු එක දෙක ගිල්වමි

නිවා සඳ පහනේ වැටි
මුදු තණ බිමෙහි වැතිරෙමි
සිහිනය සරුව දැනෙනට
අහසට රහස කියනෙමි

මුදුව පිරි මැද කෙහෙරැළි
හාදු තිලකය තබනෙමි
මතක ගීයක ලෙසටම
සුවඳ රඳවා ඔබෙන් සැඟවෙමි

Saturday, March 26, 2011

°°උල්පතක කව°°



නොදනීද
නොදනීද
පිපාසාවෙන් මම

නුදුරු සමුදුර දැක දැක
පෙර දිනෙක වූ හැඩ වැඩ

පරණ උල්පත අමතක
"මගේ " දිය දහර ය ඔබ

පිලී ගඳ පමණක් දෙන
කලපුවක හිඳ වැලපෙන

නොදනීද
නොදනීද
පිපාසාවෙන් තවමත් මම

-අමාවක-

තරු ඇවිත් ගිය පාරේ
පිලිස්සුණු අඩි තිබුණා
විලිස්සාගෙන උල් දත්
සඳෙන් බැස හිස කසනු පෙනුණා

මී වද

මොකට බැන්දා ද
හද මැද
මී වද

විටින් විට
යන එන

උන්ටත් මටත් නැති
පැණි වදය අනුනට දෙන