Monday, June 27, 2011
ගිනි සරඹ
පෙමත් ගිනියම් වසත් ඉර මල
හීනි ඉඳි තුඩු ලෙසට හැඩ කර
නිල්ම නිල් මහ මුහුද මැද්දට
රතු අඟුරු කැටි බෙදනවා
බලාගෙන ඒ ගිනි සරඹ දෙස
වලාකුළු පෙම පිපෙනවා
දියවෙලා යන්නට පළමුවෙන්
මෙහෙම කොපමණ කලක් ඉම්දැ' යි
ඉරෙන් අහනා කළු වලාවක්
යාලුවේ මට පේනවා
" බලන් මේ දියවෙලා වැගිරුණ
ප්‍රේම අඟනුන් මා හතර වට,
නොඅසාම කිසි කලෙක වගතුග
මා ම විඳිමින් නිවෙනවා"
දෙබස අහගෙන බිම බලාගෙන
පාඩුවේ මං ඉන්නවා.........
ඔබ නොවේ....
බලන් අර දුර කන්ද හිමවත්
මුදුන වලපින කින්නරා
පෙමත් කදුළත් කවත් මුහු කර
සිලෝ ගී ලිව් පෙම්බරා
නිබද අලුවන් අදුර අතුරා
වනපෙතේ මුදුනත අරා
කිදුරු දුක තාලයට මුමුණන
හිනාවක් නොවු චන්දරා
පාපිස්න
පිරී ඇත දැනට
කට පෙතටම
සීනි බෝතලය
අඩියට සිඳුණු පසු
යට තට්ටුවේ අමතරව
පිටි ද තේකොළ
දුරු මිරිස් වෙනමම
වහලේ දරගෙයි හනසු
මටුළු පොල් කොළ වෙනමම
පොල් පිති පොල් ලෙලි සමඟ
පොල් ඔළු යටට අසුරා මැනව
සාරි මැද්දේ ඇත
පොඩි පොඩි කාසි පෙට්ටිය
තැල්ල එහි තබක්ක , ගත හැක
පාටකළ පසු අලුත් රන් ලෙස
අපහසු කිසිත් නොමැත
දෙසතියෙන් හුරු විය හැක
වියන් ඇඳ පහල සතිපතා
පාපිස්න මාරු කළ යුතු වෙත.....
Monday, April 25, 2011
...............
නොවෙනස්ව
එකදු තිතකුදු
ඇඳිය හැකි නම්
ඒ කඩ ඉම ම
මෙතැනත්
වෙන් වී නොවී
වෙන්වී
සිටිය හැක
පුරුද්දෙන් ලද පරිචය
මැනව පිහිටා ඇත
මට
එකදු තිතකුදු
ඇඳිය හැකි නම්
ඒ කඩ ඉම ම
මෙතැනත්
වෙන් වී නොවී
වෙන්වී
සිටිය හැක
පුරුද්දෙන් ලද පරිචය
මැනව පිහිටා ඇත
මට
Subscribe to:
Posts (Atom)