Tuesday, January 25, 2011
Tuesday, January 18, 2011
ගුරුපාරේ කව...
නුවරුන්සුව පිණිස
විස දුම් දූලි විඳිනා
දිව රෑ වෙනස නැතිවම
මඟ කියනවද සුහදා
උදේ පිණි මත්තෙන්
කන්තෝරුවට දුවනා
ඇතුල නොපෙනෙන සීත රත දැක
වීද ගම්දොර මතක මැකෙනා
හැඩවැඩ සොයා ඔබගේ
මතක නගරෙට ඇදුණා
ගිය මඟ දිගට හද සොව
කළු තාර මල් ලෙසට පිපුණා
පහුගිය ටිකදොහක සිට
ඉහත්තාවට වැස්සා
ගලා ආ බොර වතුරින්
ගුරුව මතු වී පෙණුනා
බොරලු පළු ගැලවී ගොස්
වල ගොඩැලි තව හැදුණා
පුරුද්දන්නට නොහැකි විලසින්
ඇලේ පොඩි ඒදණ්ඩ කැඩුණා
දිලි දිලි විදිලි මනරම්
රැළි නැඟි සයුරු සිතුවම්
ගම තව තවත් දුර නම්
රම්‍ය නගරය සුව සදයි නම්
වටරවුම් හතරේ
හිත දුර දුවන අතරේ
ඔබ ප්‍රේම නගරේ
වල දමන් මතකයත් සොඳුරේ....
විස දුම් දූලි විඳිනා
දිව රෑ වෙනස නැතිවම
මඟ කියනවද සුහදා
උදේ පිණි මත්තෙන්
කන්තෝරුවට දුවනා
ඇතුල නොපෙනෙන සීත රත දැක
වීද ගම්දොර මතක මැකෙනා
හැඩවැඩ සොයා ඔබගේ
මතක නගරෙට ඇදුණා
ගිය මඟ දිගට හද සොව
කළු තාර මල් ලෙසට පිපුණා
පහුගිය ටිකදොහක සිට
ඉහත්තාවට වැස්සා
ගලා ආ බොර වතුරින්
ගුරුව මතු වී පෙණුනා
බොරලු පළු ගැලවී ගොස්
වල ගොඩැලි තව හැදුණා
පුරුද්දන්නට නොහැකි විලසින්
ඇලේ පොඩි ඒදණ්ඩ කැඩුණා
දිලි දිලි විදිලි මනරම්
රැළි නැඟි සයුරු සිතුවම්
ගම තව තවත් දුර නම්
රම්‍ය නගරය සුව සදයි නම්
වටරවුම් හතරේ
හිත දුර දුවන අතරේ
ඔබ ප්‍රේම නගරේ
වල දමන් මතකයත් සොඳුරේ....
නිහතමානී ගොයම
.
රන්මාල ගෙල රුවට
අත්තිකාරම් බඳින
වසා ඇසි පිය සෙමින්
.හීනියට ඉඟි මරණ
නිහතමානී ගොයම
සීරුවට ඉඟ නැවුණ
පීදෙන්ට ළඟ ළඟම
වසන්තය දැක දැකම
අකල් හීගතු හුළඟ
විකල් කරවා දසත
පෝරු මස්තක නැකත
කඩාකප්පල් කළ ද
ලැජ්ජාව ගෙන නෙතට
සිහින් කඳුළක් ලෙසට
සලා සලා යලිත් වැඩ
පටන් ගෙන ඇත ගොයම
Monday, December 27, 2010
,
මල්හි මල්හී තුඩග ලා සුපහසින වත මල තැවිල්ලේ
නිල්හි නිල්හී අරා සුදිලී සිසි පහස පා දැවිල්ලේ
කල්හි කල්හී එසඳ අවරේ දිනමිණේ රුව සුදිල්ලේ
පුල්හි විල්හී කොමල පා කමලඟන ලෙද ඈ රැඟිල්ලේ
නිල්හි නිල්හී අරා සුදිලී සිසි පහස පා දැවිල්ලේ
කල්හි කල්හී එසඳ අවරේ දිනමිණේ රුව සුදිල්ලේ
පුල්හි විල්හී කොමල පා කමලඟන ලෙද ඈ රැඟිල්ලේ
,
නේක සූ සැට බරණ බැහැරූ සුපුල් තුනුවිල මන්කලා
නේන වග යලි පෙම්සියොත් කැල දතත් පෙම්විල මන්නඳා
දැන් දැන්ම ඒ නිකුත් යනු කෙලෙසින්ද පද මැද වෙමි මුලා
මත් බිඟුන් කලිඳුන්ද මැද ඈ මයුර තෙද ලන්නී නොලා
නේන වග යලි පෙම්සියොත් කැල දතත් පෙම්විල මන්නඳා
දැන් දැන්ම ඒ නිකුත් යනු කෙලෙසින්ද පද මැද වෙමි මුලා
මත් බිඟුන් කලිඳුන්ද මැද ඈ මයුර තෙද ලන්නී නොලා
.
කුසුම් හී පත ඇනී ඈ ලයකේලි හව් මෙන් සරැලි ලන සඳ
තුංග තෙද බල රාජ මැති සඳ මේ ලෙසින ඈ නෙතු වසන සඳ
බින්ඳ හිරිඔතපින් ඇගේ රූ සිරි සුරම් වත පරව යන සඳ
කිම්ද මේ කුණු අතිර කය වග නින්ද නොලබා සිතයි මැති සඳ
තුංග තෙද බල රාජ මැති සඳ මේ ලෙසින ඈ නෙතු වසන සඳ
බින්ඳ හිරිඔතපින් ඇගේ රූ සිරි සුරම් වත පරව යන සඳ
කිම්ද මේ කුණු අතිර කය වග නින්ද නොලබා සිතයි මැති සඳ
Thursday, December 16, 2010
.
අලුත් කුරහන් ඉස
ඉපල් ඉගිලෙන පුරන් හේනක
තවානක් කොට මිස
කිරිවැදෙන රඟ බලම් කෙලෙසක
මිරිකෙමින් පුරපස
කෝල විලිබර නැවුම් අහසක
සිනාසෙන ලසඳක
කඳුළු ආවට දකිම් කෙලෙසක
Subscribe to:
Posts (Atom)