Saturday, March 26, 2011

°°උල්පතක කව°°



නොදනීද
නොදනීද
පිපාසාවෙන් මම

නුදුරු සමුදුර දැක දැක
පෙර දිනෙක වූ හැඩ වැඩ

පරණ උල්පත අමතක
"මගේ " දිය දහර ය ඔබ

පිලී ගඳ පමණක් දෙන
කලපුවක හිඳ වැලපෙන

නොදනීද
නොදනීද
පිපාසාවෙන් තවමත් මම

-අමාවක-

තරු ඇවිත් ගිය පාරේ
පිලිස්සුණු අඩි තිබුණා
විලිස්සාගෙන උල් දත්
සඳෙන් බැස හිස කසනු පෙනුණා

මී වද

මොකට බැන්දා ද
හද මැද
මී වද

විටින් විට
යන එන

උන්ටත් මටත් නැති
පැණි වදය අනුනට දෙන