Thursday, November 25, 2010
Wednesday, November 24, 2010
මලක් වී.......
කැලෑ ගම් මණ්ඩියක
කිසිවකුට නොම පෙනෙන
සුද තබා වැලි අතුල
දුප්පත්ම ගෙමිදුලක
පිපෙන්ටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
අහස දිය වී වැටෙන
අනෝරා මැද පිපෙන
රළු පහර කිලිපොලන
තෙත බරව විඳදරන
පිපෙන්නටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
පරාගා විද දසත
මල් සියක පල දෙවන
යලිත් පෙරලා සැපත
සෙනෙහසක් නොම පතන
පිපෙන්ටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
යන මග ම හිරු කිරණ
තනි නොකර පසු ගමන
සැඟව ක්ෂිතිජයෙ ගිමන
නිවත යළි යළි පතන
පිපෙන්ටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
.
රාස්සිගෙ ගිණි අව්වට
පායන්ට අමතක වුණ
වැහිබර විදිලි පුපුරන
බීරම සහිත හවසක
තෙත බරිත පයතබමින
චිචිරි මඩ වැකි පොළොවක
උණුහුම් හදක් සහිතව
ඔබ එතැයි මඟ බලා ඉමි මම
නොගෙනාවාට කම් නැත
පරඬැල් මතක දීමන
වැළඳ සිප සනහමි
රළු පරළු ඒ අත්තල
ඉවුරු බිඳ වැලපෙන
නිම්නයක ගොස් නවතින
මහා ගං වතුරක් ලෙස
සිහිව ඔබ වැගිරී ගලයි හද
පායන්ට අමතක වුණ
වැහිබර විදිලි පුපුරන
බීරම සහිත හවසක
තෙත බරිත පයතබමින
චිචිරි මඩ වැකි පොළොවක
උණුහුම් හදක් සහිතව
ඔබ එතැයි මඟ බලා ඉමි මම
නොගෙනාවාට කම් නැත
පරඬැල් මතක දීමන
වැළඳ සිප සනහමි
රළු පරළු ඒ අත්තල
ඉවුරු බිඳ වැලපෙන
නිම්නයක ගොස් නවතින
මහා ගං වතුරක් ලෙස
සිහිව ඔබ වැගිරී ගලයි හද
පෙම
කල් ඉකුත් වෙන්ට පෙර
ගලා පෙම් ඕජාව
ඔබා පෙම මල්ලකට
විසි කරමු ඈතකට
සුදුසු තැන්නක් ලදොත්
මුල් ඇදී පෙති බෙදී
පියලි එක දෙක මතින්
දළු දමා නැඟේවී
අපුල ඕජා ගැලූ
වගත් අමතක් වේවී
පලනෙලා ගත් අයට
සුවඳ පමණක් දේවි
වැටී කටුසර බිමක
මැලවගිය හොත් දිනෙක
පලදෙන්ට පින් නැතයි
හිත හදා ගමු මෙහෙම
පෙම් වේලි
නොරැඳී මෙතන මෙහෙමම
ගලායන වග දැන නිසැකව
බැඳ පෙම් වේලි බාධා නොකරමි
ගලායන්නට නිසඟවම ඉඩ දෙමි
රජබරණ මිරිවැඩිද ලූ පයට
සුව දෙතත් සිහිලසක් කොයි වේද
මුදවමි සියල් ඉපැයු වත්කම්
මොහොතකට පමණි මේ පෙම්වත්කම්
දුර ඇඳෙන මුත් නඟ නඟා ගොස
ඔබය හද පිපි විදිලි එළි රැස
සඳ පහන් මුදු රැයෙක තව එක
නොදත්තා ලෙසට ඉමි ඔබ ළඟ
සියොලඟම නහවමින සිහිලසින්
පාව යන වනමලක් ගෙන සෙමින්
පුද නොහැක පළිඟු චූඩා ලෙසින්
පළඳවමි කෙහෙ ජලේ හද පෙමින්
නොවැම්බරය
මතකයෙන් මහ හුඟක් දුර ඇති
ඉතා රසවත් පද පෙළක් වෙති
තනුව ගිලිහුණු පදරටා රැස
නිතර හිත නින්නාද දෙනු ඇති
හිම පියල්ලක් දෙකක් බිම වැකි
එකෝමත් එක දිනක් මතකැති
අවුළුවා කැණිමඬල අළු කර
හදේ ගිනි දැල් මවන්නත් ඇති
පාරවා යලි මතක ඔඩුවණ
රිදුම් දෙන්නට හිතකවත් නැති
"වරද" වරදක් නොවේ යළි යළි
හඟිස්සන්නට මඟක් මට නැති
කාලයට තටු ගසා පියඹන
අතීතේ රන් ස්වරය හිමි නැති
අහම්බෙන් යලි නොවැම්බරයක
මතක මුදු තත පාරනා හැටි
ඉතා රසවත් පද පෙළක් වෙති
තනුව ගිලිහුණු පදරටා රැස
නිතර හිත නින්නාද දෙනු ඇති
හිම පියල්ලක් දෙකක් බිම වැකි
එකෝමත් එක දිනක් මතකැති
අවුළුවා කැණිමඬල අළු කර
හදේ ගිනි දැල් මවන්නත් ඇති
පාරවා යලි මතක ඔඩුවණ
රිදුම් දෙන්නට හිතකවත් නැති
"වරද" වරදක් නොවේ යළි යළි
හඟිස්සන්නට මඟක් මට නැති
කාලයට තටු ගසා පියඹන
අතීතේ රන් ස්වරය හිමි නැති
අහම්බෙන් යලි නොවැම්බරයක
මතක මුදු තත පාරනා හැටි
Subscribe to:
Posts (Atom)