Monday, June 27, 2011

කෙටවල

නිලට රුවට අඩි තිය තිය සරැළි රටා මැද
කෙටවල කෝ කතා නැතිව පාන සිනා පොද
යස නිල් නිල් රටා දැමූ පොඩිති කුඹුරු මැද
හිමිදිරියෙ ම සිලි සිලියට සලා ය කෙහෙ රොද

නෝක්කාඩුවෙන් බැස ගති පෙරඹර සුදු සඳ
තිත් තිත් දුක පිණි විලසට දිය මත ලා බිඳ
නුදුටු නොකී නොඇසු දහක් විසිතුර හද බැඳ
පලා ගියා වෙද කොමළී ඒ පෙම්බර සඳ?

පතා සිටිය මුත් දිලෙනා තුරු හද බැමි බිඳ
දුවන් මුවන් මිස දෝතේ නෙලූ පලක් වෙද
සිඟිති කුසුම් මිසක පිපුණු සුසුදු වතින් කොඳ
පැතූ මහරු සියපත් රුව නැත දිලුනේ හද

ඉවුරුතලා දෙගොඩ තලා ගලනා දුක් කඳ
රිදුම් දි දී හැඟුම් බිඳී හද දිය විනිවිද
පායා අද රිදී තරුව මග එළි කළ සඳ
නිසැක වඩී නොබිඳි එඩී වඩවා රන් කඳ

3 comments:

  1. "කෙටවල" කියන්නෙ මොකක්ද? ඒ වචනයේ අර්ථය තේරුණේ නෑ,

    ReplyDelete
  2. කෙටවල කියන්නෙ ගම්පහත් දාරළුවත් දුම්රිය ස්ථාන අතර තියෙන කුඹුරු යායටම වතුර බෙදන තැන..........:)

    ReplyDelete
  3. අපෝ... කෙටවල නම් මතක් කරන්න එපා...

    ReplyDelete