Tuesday, December 10, 2013

රැය දිගු විය යුතු


තනිව මේපල් පතක් හිනැහෙයි
තුරක සිනහා දැවටෙයි
තරඟයට ආ හීත එලවන
පොඩි දුම් වළලු රැවටෙයි

අලුත් අහසක් දකිත් තුරු හිස
ළදරු අඳුරක සැඟවෙයි
තවත් තරු දල්වමින් රැයකට
සඳක් අහසින් බැස එයි

එකින් එක සිවි හරින සිහිනෙක
සතුටු සුණු විත් තැවරෙයි
මතක් කළ හැකි කවක් ඇවිදින්
අරුත් රහසින් කොඳුරයි

උණුම රොටි පලඟානකින් පැන
රතු මිරිස් සිනා ඉගිලෙයි
කඳු හිසින් වට කඳුළු බිඳකත්
මිහිරි රසයක් පැතිරෙයි

කුණාටුවටයි කඳු සිරසටයි
සහකාර මීදුමටයි
ඉතින් මේ අනුමෝදනාවයි
රැය ද දිගු විය යුතු මැ'යි!!!

2 comments:

  1. මොන තරං සුන්දරද? ස්තූතියි..

    දඬුවමින් මුදා හරිමි
    ආඥාව පිළිපැද්දාට Grrrr..
    මතු ද නොව ගිරි ශිඛර
    මා හදේ ඇන්දාට

    ගිරග ඇමිණුණු සඳ
    බිඳෙන් බිඳ මතු වෙන
    නිශා යම සීතලෙන්
    සොඳුරු කවි අමුණන

    තිමිර පටලෙක සැඟව
    බිඳි සිතින් වැළපෙන
    කුරවි ගී මැකී යයි
    සිලිලාර සුළඟින

    ReplyDelete