කැලෑ ගම් මණ්ඩියක
කිසිවකුට නොම පෙනෙන
සුද තබා වැලි අතුල
දුප්පත්ම ගෙමිදුලක
පිපෙන්ටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
අහස දිය වී වැටෙන
අනෝරා මැද පිපෙන
රළු පහර කිලිපොලන
තෙත බරව විඳදරන
පිපෙන්නටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
පරාගා විද දසත
මල් සියක පල දෙවන
යලිත් පෙරලා සැපත
සෙනෙහසක් නොම පතන
පිපෙන්ටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
යන මග ම හිරු කිරණ
තනි නොකර පසු ගමන
සැඟව ක්ෂිතිජයෙ ගිමන
නිවත යළි යළි පතන
පිපෙන්ටැයි නොම කියමි
නොපිපෙනා වග දනිමි
No comments:
Post a Comment