Tuesday, January 18, 2011

නිහතමානී ගොයම

.
රන්මාල ගෙල රුවට
අත්තිකාරම් බඳින
වසා ඇසි පිය සෙමින්
.හීනියට ඉඟි මරණ

නිහතමානී ගොයම
සීරුවට ඉඟ නැවුණ
පීදෙන්ට ළඟ ළඟම
වසන්තය දැක දැකම

අකල් හීගතු හුළඟ
විකල් කරවා දසත
පෝරු මස්තක නැකත
කඩාකප්පල් කළ ද

ලැජ්ජාව ගෙන නෙතට
සිහින් කඳුළක් ලෙසට
සලා සලා යලිත් වැඩ
පටන් ගෙන ඇත ගොයම

No comments:

Post a Comment