Tuesday, January 18, 2011

ගුරුපාරේ කව...

නුවරුන්සුව පිණිස
විස දුම් දූලි විඳිනා
දිව රෑ වෙනස නැතිවම
මඟ කියනවද සුහදා

උදේ පිණි මත්තෙන්
කන්තෝරුවට දුවනා
ඇතුල නොපෙනෙන සීත රත දැක
වීද ගම්දොර මතක මැකෙනා

හැඩවැඩ සොයා ඔබගේ
මතක නගරෙට ඇදුණා
ගිය මඟ දිගට හද සොව
කළු තාර මල් ලෙසට පිපුණා

පහුගිය ටිකදොහක සිට
ඉහත්තාවට වැස්සා
ගලා ආ බොර වතුරින්
ගුරුව මතු වී පෙණුනා

බොරලු පළු ගැලවී ගොස්
වල ගොඩැලි තව හැදුණා
පුරුද්දන්නට නොහැකි විලසින්
ඇලේ පොඩි ඒදණ්ඩ කැඩුණා

දිලි දිලි විදිලි මනරම්
රැළි නැඟි සයුරු සිතුවම්
ගම තව තවත් දුර නම්
රම්‍ය නගරය සුව සදයි නම්

වටරවුම් හතරේ
හිත දුර දුවන අතරේ
ඔබ ප්‍රේම නගරේ
වල දමන් මතකයත් සොඳුරේ....

1 comment:

  1. අපගෙ බලපෑමෙන් වියුක්තව පවත්නා,
    වාස්තවිකයක පැනනගින්නාවූ රාශීන්ගෙ,
    පැවැත්ම කෙරෙහි හුදෙක් අපට,
    බලපෑමක් කළ හැකිද?

    ඒක්කො අප ඒවා විද දරාගත යුතුය.
    නැත්නම් අත්හළ යුතුය.
    ඒහෙත් ඒ කිසිවක් කෙරෙහි,
    අප නොපෙළඹෙන්නෙ අැයි?

    මතුපිටින් නොපෙනෙන්නාවූ කිසියම් රැහැනෙකින්
    අප වැරෙන් බැද දමා අැත්තෙ නොවෙද?

    ReplyDelete