Monday, June 27, 2011

පාපිස්න


පිරී ඇත දැනට
කට පෙතටම

සීනි බෝතලය

අඩියට සිඳුණු පසු

යට තට්ටුවේ අමතරව


පිටි ද තේකොළ

දුරු මිරිස් වෙනමම


වහලේ දරගෙයි හනසු

මටුළු පොල් කොළ වෙනමම

පොල් පිති පොල් ලෙලි සමඟ

පොල් ඔළු යටට අසුරා මැනව


සාරි මැද්දේ ඇත

පොඩි පොඩි කාසි පෙට්ටිය

තැල්ල එහි තබක්ක ,
ගත හැක
පාටකළ පසු අලුත් රන් ලෙස


අපහසු කිසිත් නොමැත

දෙසතියෙන් හුරු විය හැක

වියන් ඇඳ පහල සතිපතා

පාපිස්න මාරු කළ යුතු වෙත.....



No comments:

Post a Comment