Monday, June 27, 2011

නොකියමි...


මේ මගේ ස්නේහ ඉම
සියුම් කඩ ඉරි අඳිමි හදවතේ

ඉවුර මත හොවමි පෙම

ඔබ සුනිල නීල මිණි නයනතේ


නිවන එහි ම ය එහද පිරිපතේ

තබා ඉහ නිවෙමි ඒ රුව මතේ


වාලුකාවේ සැලෙන

නිල පතා නොම තැවෙන

මුත් ලවන්
සර නොලැබ
පිපාසාවෙන දැවෙන


ලදල්ලක් සේ සැලෙමි සසැලෙමී

සොඳුරු රුව දකිමි කවියක් වෙමී

No comments:

Post a Comment