Monday, June 27, 2011

ගිනි සරඹ


පෙමත් ගිනියම් වසත් ඉර මල
හීනි ඉඳි තුඩු ලෙසට හැඩ කර

නිල්ම නිල් මහ මුහුද මැද්දට

රතු අඟුරු කැටි බෙදනවා


බලාගෙන ඒ ගිනි සරඹ දෙස

වලාකුළු පෙම පිපෙනවා


දියවෙලා යන්නට පළමුවෙන්

මෙහෙම කොපමණ කලක් ඉම්දැ'
යි
ඉරෙන් අහනා කළු වලාවක්

යාලුවේ මට පේනවා


"
බලන් මේ දියවෙලා වැගිරුණ
ප්‍රේම අඟනුන් මා හතර වට,

නොඅසාම කිසි කලෙක වගතුග

මා ම විඳිමින් නිවෙනවා"


දෙබස අහගෙන බිම බලාගෙන

පාඩුවේ මං ඉන්නවා.........

No comments:

Post a Comment