Monday, June 27, 2011

බාලිකා සේපාලිකා.


ජීවිතේ මේ තුමුල මහ රුක
අන්දකාරය රැගෙන තුරුලට

සිඟිති කැකුළක කලල සිර කළ

බාලිකා සේපාලිකා.......


තලා ඔබ බිම හෙලන්නට පෙර

කුණාටුව මද සුළං වෙස් ගෙන

සීත රැවුලින් කිති කවා ගිය

බාලිකා සේපාලිකා.......


වරක් දෙවරක් මුව සිපින්නට

වරම් ඉල්ලා වැටී උන් ළඟ

දිනූ සුවඳක් නොවූ හද ගැබ

බාලිකා සේපාලිකා.......


පිපෙන ඉර දැක දැකත් අළුයම

සාදයේ ඉඩ කඩක් නොපැතුව

නැවුම් පොළොවක දිවිය නිම කළ

බාලිකා සේපාලිකා.......

No comments:

Post a Comment