Monday, June 27, 2011

ඇසළ කල මල


කෙහෙරැලින් දඟ පාන හස මලකි නෙත පැසුන
සොයමි විමසමි වමත එරන් රන් මුදු දසුන

සුරත මහ ඇඟිල්ලේ කැලැල නිති පිරිමැදුන

සවස සෙල්ලම් අහස කොහිද ඇය මත නිදන


නියත බව දැන දැනම කියන වග මේ වරුණ

සිහිව පින්සර එවත නිබඳ හද දුක රැඳුන

මගේ මේ අඬෝවැඩියාවෙන් තවත් දුක පුරන

කෙටවලේ දියවරම ඇගේ රූපෙන්
වැසුණ

කැහැටු කැස්වටු මුහුණ ළඟම හිඳ දුක අහන

තරව තදකර දෙ අත ඇගේ මුහුණට එබෙන

බලා ඉන්නට බැරිව සිහිව දුක ඔබ විඳින

සුරත ගුලි කරගතිමි කුරුටු ගැ හද හසුන


අහස තරමට නැතත් නිතර දියබත් වුවන

ඔබට පමණද උරුම ඇය සිනා වැසි පුරන

රිදුම් දෙයි හද නිබඳ එපස සිප එන පවන

මගේ දෙනෙතින් දකිමි ඔබ දැකිය යුතු දසුන

5 comments:

  1. අපූරු කවි පෙළක්ම දාල තියෙන්නෙ. සමහර ඒවනම් හරියට තේරුණේ නෑ. සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුරින් අපි ඈත් වෙලා නිසා වෙන්න ඇති. ඔබේ කාව්‍ය නිර්මාණ තුළ එම සාහිත්‍යයේ යෙදී තිබෙනා වැනි යෙදුම් බහුලයි. ඒ වගේම කාව්‍ය රසය හැම රචනාවකම තියෙනව.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මිත්‍රයා!:)

    ReplyDelete
  3. කවි පද ඉතාම ලස්සනයි. සුබ පැතුම්!!!
    මැණික්

    ReplyDelete
  4. ඇයි දැන් නොලියන්නේ

    ReplyDelete
  5. ආඥාවක් නිකුත් කරමි;
    අරඹනු නැවත මේ කවි ගඟුල

    ReplyDelete