Wednesday, November 24, 2010

කාල සර්ප


කාල සර්පය!
දෂ්ට නොකරමි
විස දලක් නැති
කිවිඳියක වෙමි

සුබ අසුබ දෙන
සියල් තරු මත
මගේ අණසක
පතුරුවාලමි

විකල් නොමවෙමි
අවුල් විසඳමි
ඔබෙන් උපදින
තැවුල් දුරැලමි

මුගටි නෙත් ඇති
කවි ලියන්නෙමි
එයින් ඔබ විස
දුරු කරන්නෙමි

No comments:

Post a Comment