Wednesday, November 24, 2010

නොවැම්බරය


මතකයෙන් මහ හුඟක් දුර ඇති
ඉතා රසවත් පද පෙළක් වෙති
තනුව ගිලිහුණු පදරටා රැස
නිතර හිත නින්නාද දෙනු ඇති

හිම පියල්ලක් දෙකක් බිම වැකි
එකෝමත් එක දිනක් මතකැති
අවුළුවා කැණිමඬල අළු කර
හදේ ගිනි දැල් මවන්නත් ඇති

පාරවා යලි මතක ඔඩුවණ
රිදුම් දෙන්නට හිතකවත් නැති
"
වරද" වරදක් නොවේ යළි යළි
හඟිස්සන්නට මඟක් මට නැති

කාලයට තටු ගසා පියඹන
අතීතේ රන් ස්වරය හිමි නැති
අහම්බෙන් යලි නොවැම්බරයක
මතක මුදු තත පාරනා හැටි

1 comment:

  1. බ්ලොග් එකට ආවේ අහම්බෙන්.

    හිතට දැනුනු කවියක් මේක නම්

    ReplyDelete