Wednesday, November 24, 2010

කාරණා


කඬාඩුව කඩාගෙන
හිත දෝරෙ යන කලට

මහ අසෙනි වැහි කඳක්

ඒ මතට වැටිච්චී


ලේ නහර ඇට මසද

රුජා දෙන තැලුම් මැද

හදවතත් අඩපණව

ගත රිදුම් දෙවච්චී


"පෙරට එන කුණාටුව

කපාගෙන යනු පෙරට"

වෙර නැතත් ඉරණමේ

ලියවිලා තිබිච්චී

ලබා ගෙන කුරුළු වෙස

මිදී යන සිනා දැක

බිම බලාගෙන ඉන්ට

කාරණා යෙදිච්චී

No comments:

Post a Comment