Wednesday, November 24, 2010

-කවි-



හිත් කොනේ වැකි

කිළිටි මළ රැස

තොටමුණේ හිඳ

ඇපිල්ලේ


හිනාවෙන්නට

සුදට එළියට

දෙතිස් දත තව

මැදිල්ලේ


නැවුම් පිරුවට

කැඳ ලමින් සොඳ

මැනව මැදගෙන

ඇඳිල්ලේ


නොමළ ගෙයකින්

සතුටු අබ ඇට

හිතේ අහුරා

ගැනිල්ලේ

No comments:

Post a Comment