Wednesday, November 24, 2010

-ගිරි දේවී උපත-




පුතකු උපන්නොත් රජකුල
පෙලපත වනසා දමමින
සෝවුරියද සරණ රැගෙන
පියඹක කොට වසන ලෙසින

අසා එකී නිමිති වෙතින
උපන් පුතුන් පසු දියණිය
සිර කරවා ටැම් මැදුරෙක
රැකවල් ලා සතර දෙසින

කල පව් පල දෙන අරුමය
සෝවුරු වග නොදැන පෙමින
බැඳෙන කුමරි සහ උදරා
සහ වාසෙන් ගැබ්බර වන

ලොව රක්නා සක් දෙව් තැන
දැක විපතින් මුදනා මෙන
විස්කම් දෙව් පුත් කැඳවා
වස කලසකි සුරත තබන

තබා වමත සුවඳැති කළ
කුමරි මුවට ඉසින ලෙසින
පමාව වරදට මඟ වන
නොනිසි සියල් දෑ සිදුවන

අසා සියල් තතු පිලිසිඳ
විකල් නොවී ඉනු කෙලෙසක
ගෙල වැල ලා ගිරි ලෙන තුල
ගිරි දේවිය විරුද ලබන

අඳුන් සඳුන් සුවඳ ලමින
තමන් වෙතට ලොබ බඳවන
වස විස සරි පෙම නාමෙන
දිවි දෙන්නී ගිරි දේවිය


2 comments: